පොසොන් පුර පසළොස්වක පොහොය දිනය ජුනි මස 10 වන දිනට යෙදී ඇති අතර, ජුනි මස 07 වැනිදා සිට 13 වැනිදා දක්වා කාලය පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අනුරාධපුර පූජා නගරය, තන්තිරිමලය හා මිහින්තලය පුදබිම් කේන්ද්‍ර කර ගනිමින් ජුනි මස 07 සිට 13 දක්වා විවිධ ආගමික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ