යාල ජාතික වනෝද්‍යානයේ තවත් කලාප කිහිපයක් සංචාරකයින් වෙනුවෙන් විවෘත කිරීමට පරිසර අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, දැඩි සංචාරක තදබදයට මුහුණ දීම සඳහා මේ පියවර ගන්නා බවයි අමාත්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ.
ඒ අනුව ‘අරන්ගමුව’ නමින් නව කලාපයක් හා දැනට වසා දමා ඇති තුන හා හතර කලාප කඩිනමින් විවෘත කිරිමට සැලසුම් කර ඇති බවද, එහි පහසුකම් සකස් කිරීම මේ වනවිට සිදුවන බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
හෙක්ටයාර් ලක්ෂයක් විශාල යාල වනෝද්‍යානයේ සංචාරකයින් වෙනුවෙන් විවෘත කර ඇත්තේ හෙක්ටයාර් 25000 ක් පමණක් වන කලාප 06 ක් පමණක් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.