කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළී දෙදෙනෙක් තුවාල ලබයි

කැබ් රථයක් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළී අද (16) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් කැබ් රථයේ රියදුරා සහ කැබ් රථයේ ගමන් ගත් අයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

හැටන් ප්‍රදේශයේ අලිගැටපේර මිලදී ගෙන ඒවා අලෙවි කිරිම සඳහා කොළඹ දක්වා ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.