මෙරට දේශපාලනයේ වමේ කඳවුර බිඳ වැටීමට ලක්වූයේ 2022 වසරේ පැවති අරගලයත් සමඟ බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඒ අනුව මෙරට ඇතිවූ අරගලයත් සමඟ විකෘති දේශපාලන කඳවුරක් ගොඩනැගෙන තැනකට තල්ලු වූ බවයි හිරු බලය වැඩසටහනට ඊයේ (15) එක්වෙමින් මන්ත්රීවරයා සඳහන් කළේ.
එම අවස්ථාවේ තිබූ තත්ත්වය අනුව, ආර්ථිකය ස්ථාවර කර ගැනීමට හොඳම විකල්පය ලෙස සිය පක්ෂයට විරුද්ධව දේශපාලනය කළ රනිල් වික්රමසිංහ ජනාධිපති ධූරයට පත් කිරීමට සිදුවූ බවද, අර්බුද ගණනාවකට මුහුණදීමෙන් අනතුරුව ආණ්ඩු පෙරළිය සඳහා ආරම්භ කරන ලද රෙජිම වෙනසේ සැබෑ වෙනස පැමිණියේ 2022 වසරේ බවද මන්ත්රීවරයා ප්රකාශ කළා.
රනිල් වික්රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීමෙන් රාජපක්ෂ කඳවුර ආරක්ෂා වූ බවට චෝදනා එල්ල වුවද, රාජපක්ෂ කඳවුර 2.5% ට වැටුණු බවත්, රාජපක්ෂ කඳවුර විනාශයට පත් වූ බවත්, එලෙස රාජපක්ෂ කඳවුර විනාශ වුවද, එදා රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක් ගත් බවයි මන්ත්රීවරයා ප්රකාශ කළේ.
රාජපක්ෂ කඳවුර දේශපාලන වශයෙන් ඇද වැටීමට හේතුවූ නොයෙකුත් කරුණු ගණනාවක් තුළ, රනිල් වික්රමසිංහ ජනාධිපති ධුරයට පත් කිරීම එක කාරණාවක් පමණක් බවයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්රකාශ කර සිටියේ.