තුසිත හල්ලොලුව CIDයට පැමිණෙයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීමක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බවයි සඳහන් වෙන්නේ.

පසුගියදා මාධ්‍ය වෙත සිදුකළ ප්‍රකාශයක දී ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධයෙන් අවමන් සහගත සහ අසත්‍ය කරුණු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් වී තිබෙනවා.