කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
ඒ අනුව අදාළ බස් රථය රැගෙනවිත් ගාල්කර ඇති කොත්මලේ පොලිස් ස්ථානයේදී එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව අදාළ පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම අනතුරට ලක්වූ බස් රථය ඊයේ (14) කොත්මලේ පොලිසියේදී රජයේ රස පරීක්ෂකවරයා විසින් පරික්ෂාවට ලක්කර ඇති බව ද වැඩිදුරටත් සඳහන්.
පසුගිය 11 වැනිදා කොත්මලේ – ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් අඩි සියයක පමණ ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරෙන් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.