විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද (14) හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහගේ කාර්යාලයේදී පවත්වා තිබෙනවා.
ඒ අනුව එම සාකච්ඡාවේදී එහිදී විපක්ෂයට බහුතර බලය හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී විපක්ෂය නියෝජනය කරන පක්ෂ ලේකම්වරුන්ගේ ප්රධානත්වයෙන් සමන්විත කමිටුවකින් අවසන් තීරණය ගැනීමට තීන්දු කර ඇති බවයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් නීතීඥ තලතා අතුකෝරළ සඳහන් කළේ.
මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් නලීන් බණ්ඩාර, ශ්රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නාමල් රාජපක්ෂ, පොදුජන එක්සත් පෙරමුණ වෙනුවෙන් අනුර ප්රියදර්ශන යාපා, පිවිතුරු හෙළ උරුමය වෙනුවෙන් උදය ගම්මන්පිල, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වජිර අබේවර්ධන මෙම සාකච්ඡාව සඳහා සහභාගීවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් හෙට (15) දිනයේත් පැවැත්වීමට නියමිතව තිබෙනවා.