රම්බොඩදී වෑන් රථයක් ප්‍රපාතයක​ට පෙරළී 11 ක් රෝහලට

නුවරඑළිය –  මහනුවර ප්‍රධාන මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ප්‍රපාතය​කට පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

ඒ අනුව අනතුරෙන් තුවාල ලැබූ 11 ක් මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගියදා ගැරඬිඇල්ල බස්රථ අනතුර සිදුවූ ස්ථානයට කිලෝමීටරයක් පමණ ආසන්නයෙන් මෙම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.