අනතුරු වැඩිවීම සැලකිල්ලට ගෙන රාත්‍රී කාලයේදී දුරගමන් බස් රථ විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
ඒ අනුව එහිදී බීමතින් රිය ධාවනය කරන රියදුරන්, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, අපරික්ෂාකාරී හා අනතුරුදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සඳහන් කළේ.
තෝරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරීන් කණ්ඩායම් යොදවා දුරගමන් බස් රථ පරික්ෂාවට ලක් කිරීමත් යතුරුපැදි සංචාරක ඒකකවල නිලධාරීන් මගින්ද මෙම බස් රථ පරික්ෂා කරවීමට නියමිතයි.
අදාළ නිවේදනය පහතින්.
