අලදෙණියේදී වන්දනා බස් රථයක් අනතුරට පත්වී 20 ක් රෝහලට

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල රෝහල් ගත කර තිබෙනවා.

ඊයේ (12) රාත්‍රි කාලයේදී අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී මෙ​ම අනතුර සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරින් තුවා​ල ලැබූ පුද්ගලයින් බරිගම, නුවර සහ පේරාදෙණිය රෝහල්වලට ඇතුළත් කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.