සිදුහත් කුමරාගේ උත්පත්තිය, බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේද වෙසක් පොහොය දිනයේ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ධර්මානුකූලව සමරනු ලබනවා.
වෙසක් පොහොය දිනයට සමගාමීව දිවයිනේ විහාරස්ථාන වල ආමිස සහ ප්‍රතිපත්ති පූජා පැවැත්වෙන අතර මෙවර රාජ්‍ය වෙසක් උත්සවය නුවරඑළිය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා.