වෙසක් ‍කලාප හේතුවෙන් අද සිට කොළඹ විශේෂ රථවාහන සැලැස්මක්

වෙසක් උත්සවයට සමගාමීව වෙසක් කලාප කිහිපයක් කොළඹ ආශ්‍රිතව සංවිධානය කර ඇති බැවින් අද සිට කොළඹ නගරයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසනවා.

බෞද්ධාලෝක වෙසක් කලාපය, බුද්ධ රශ්මි වෙසක් කලාපය සහ සිරස වෙසක් කලාපය මෙලෙස අද සිට ඇරඹීමට නියමිතයි.

ඒ අනුව මෙම වෙසක් කළාප පැවැත්වෙන ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ රථවාහන සැලසුමක් සහ ආරක්ෂාව යෙදවීමට නියමිත බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම ගාලු මුවදොර ආශ්‍රිත ප්‍රදේශයද වෙසක් සිරි නැරඹීමට පැමිණෙන මහජනතාවගෙන් පිරී යනු ඇති බවට අපේක්ෂා කරන බැවින් එම ප්‍රදේශයේද විශේෂ රථවාහන සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

අදාළ රථ වාහන සැලැස්ම පහතින්. news imagesnews imagesnews images