ගැරඬිඇල්ලේ බස් අනතුරින් මියගිය පිරිස 21 දක්වා ඉහළට

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලීසිය පවසනවා.

බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30 කට අධික පිරිසක් තුවාල ලබා මේ වන විට කොත්මලේ සහ නුවරඑළිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මෙම අනතුරට මුහුණදී තිබුණා.