කොටහේන සිසුවියක සියදිවි නසාගැනීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති පෞද්ගලික ටියුෂන් ආයතනයේ හිමිකරු විසින් ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
තමාගේ නමට අපහාස කරමින්, පිරිසක් විසින් හිතාමතා සිදුකරනු ලබන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් එම පැමිණිල්ල ගොනුකර තිබුණා.
මියගිය අදාළ සිසුවිය අසනීප තත්ත්වයෙන් පන්තියට සහභාගි වීම හේතුවෙන්, තමා ඇයගේ දෙමාපියන් ගෙන්වා අසනීප තත්ත්වය සුව වූ පසුව පන්තිවලට සහභාගී කරවන ලෙස පමණක් දැනුම්දුන් බවයි එම පුද්ගලයා සඳහන් කළේ.
තමාගේ පින්තූර යොදා ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයන් එල්ල කිරීම තුළින් තමා අපහසුතාවයට පත්ව ඇති බවත්, එය කවුරුන් හෝ සිතාමතා සිදුකරනු ලබන්නක් බවට තමාට සැකයක් ඇති බවයි ඔහු වැඩිදූරටත් ප්‍රකාශ කර සිටියේ.