ශිෂ්‍යත්ව ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝග

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

හයේශිකා ප්‍රනාන්දු විසින් අදාළ තරුණයාට පා පහර එල්ල කළ බවත්, පසුව ඔහුව ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධියෙන් පසු සැකකාර ගුරුවරිය වන  හයේශිකා ප්‍රනාන්දු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර, ඇයගේ සැමියා හා ඇයගේ කළමනාකරු යන දෙදෙනා කටාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුවන් දෙදෙනා මීගමුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇති අතර, ප්‍රධාන සැකකාරිය වන හයේශිකා ප්‍රනාන්දු නම් උපකාරක පන්ති ගුරුවරිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකර, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා කටාන පොලීසියට නියෝග කර තිබෙන්නේ.