ජාතික වෙසක් සතිය අද (10) සිට ඇරඹෙන අතර, එය ලබන 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙයට සමගාමීව, රාජ්‍ය වෙසක් මහෝත්සවය නුවරඑළිය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් අද සිට ආරම්භ වෙනවා.සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලය, ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව, මධ්‍යම පළාත් සභාව සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙවර රාජ්‍ය වෙසක් මහෝත්සවය සංවිධානය කරනු ලබන බවයි දැක්වෙන්නේ.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය “කලණ ගුණ ඇති උතුම් මිතුරන් ඇසුරු කරමු” යන තේමාව යටතේ පැවැත්වෙනවා.
මෙම කාල සීමාව තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ දැනට වැඩ නිම නොවූ විහාර සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව ක්‍රියාත්මක කිරීමට ද නියමිතයි.
මේ අතර වෙසක් සතිය නිමිත්තෙන් මැයි මස 12,13 සහ 14 වන තෙදින පුරා දිවයින පුරා ඇති මස් මාංශ අලෙවිසැල්, රේස් බුකී, කැසිනෝ ශාලා, සමාජ ශාලා සහ සුරාසැල් වසා තැබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.