IPL ක්‍රිකට් තරගාවලිය අත්හිටවූයේ සතියකට පමණයි – BCCI

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලිය අත්හිටුවනු ලැබුවේ සතියක කාලයකට පමණක් බව ඉන්දීය ක්‍රිකට් ආයතනය (BCCI) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ් අනුව, තත්ත්වය පිළිබඳ පුළුල් තක්සේරුවකින් පසුව, IPL තරගාවලියේ නව කාලසටහන සහ ස්ථාන පිළිබඳව වැඩිදුර යාවත්කාලීන කිරීම් අදාළ බලධාරීන් සහ කණ්ඩායම් හිමිකරුවන් සමග සාකච්ඡා කර දැනුම්දෙන බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් පවසන්නේ.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින යුද තත්ත්වය හේතුවෙන් IPL තරගාවලිය හදිසියේ අත්හිටුවීමට ඊයේ (09) තීරණය කර තිබුණා