ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් විශ්‍රාම ගැනීමට තමන් කැමති බව ඉන්දීය හිටපු නායක විරාත් කෝලි ඉන්දීය ක්‍රිකට් මණ්ඩලයට පවසා ඇතැයි වාර්තා වෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය වාර්තාවන්හි දැක්වෙන්නේ, තීරණාත්මක එංගලන්ත සංචාරයක් එළඹෙන බැවින් ඔහුගේ එම තීරණය නැවත සලකා බලන ලෙස ඉහළ නිලධාරින් ඉල්ලා ඇති බවයි.
දින කිහිපයකට පෙර රෝහිත් ෂර්මා ටෙස්ට් දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව කෝලි මෙලෙස තීරණය කර ඇත.
ලබන මාසයේ එංගලන්තයේ පැවැත්වෙන ටෙස්ට් තරග පහකින් යුත් තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීම සඳහා ඉන්දීය තේරීම් කමිටුව දින කිහිපයකින් රැස්වීමට නියමිතය.
මේ වනවිට 36 හැවිරිදි වියේ පසුවන කෝලි ටෙස්ට් තරඟ 123 කට සහභාගී වී ඇති අතර, 46.85ක සාමාන්‍යයකින් ලකුණු 9,230ක් රැස් කරගෙන සිටි.
2014 දෙසැම්බර් මාසයේ සිට විරාත් කෝලි ඉන්දියාවේ ටෙස්ට් ක්‍රිකට් නායකයා වූ අතර 2022 පෙබරවාරි මාසයේදී රෝහිත් ෂර්මා නායකත්වය දැරීය.