ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

ජාතික වෙසක් සතිය හෙට (10) සිට ආරම්භ වනවා.

ඒ අනුව මෙවර වෙසක් සතිය මැයි 10 සිට 16 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.පී. සේනාධීර සඳහන් කළේ.

‘කළණ මිතුරන් ඇසුරු කරමු’ යන්න මෙවර ජාතික වෙසක් සතියේ තේමාව වනවා.

මෙහි සමාරම්භක උත්සවය හෙට පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්විමට නියමිතයි.