රුපියල් 20,840,000ක් වටිනා මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියක සැකකරුවෙකු බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය මැයි 03 වැනිදා සපුගස්කන්ද පොලිස් වසමේදී, අවි පෙන්වා බිය ගන්වා මෙලෙස දෙකෝටියට අධික වටිනාකමින් යුතු රන් භාණ්ඩ හා මුදල් කොල්ල කා තිබු බවයි පොලීසිය සඳහන් කළේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව ඊයේ (08) දින උදෑසන කාලයේදී කිරිඳිවැල පොලිස් වසමේ, රඳාවාන, මාහේන හන්දිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 61ක් වන කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.