UPDATE: හෙලිකොප්ටර් අනතුරෙන් 5ක් මරුට

අද (09) උදෑසන හදිසි ගොඩ බෑමකදී මාදුරුඔය ජලාශයට කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සාමාජිකයින් 05 දෙනෙකු මියගොස් ඇති බව ගුවන් හමුදාව පවසනවා.

අනතුරට පත් හෙළිකොප්ටරයේ සිටි පිරිස බේරා ගැනීමෙන් අනතුරුව රෝහල්ගත කර ඇති අතර, එහිදී ගුවන් හමුදා හෙලිකොප්ටර් භටයින් දෙදෙනෙකු සහ හමුදා විශේෂ බළකායේ භටයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.