දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මැයි මස 19 වනදා පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

සේවය අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් සිය ධූරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසින් මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම විමර්ශනය වෙනුවෙන් අදාළ කමිටුව මේ වනවිට දින කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.