විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ඉදිරි සතිය තුළ ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා – PUCSL

මේ වසරේ දෙවන විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා ලංකා විදුලිබල මණ්ඩලය විසින් එළඹෙන සතිය තුළ ලබාදෙනු ඇති බවට බලාපොරොත්තු වන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා කොමිසම වෙත ලැබීමෙන් අනතුරුව, එකී යෝජනා අධ්‍යයනය කර, සති 03 – 06 අතර කාලයක් තුළ කොමිසමේ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එම කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් සඳහන් කළේ.

ජුනි-ජුලි මාස තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුවන්නේ නම්, අදාළ යෝජනා මැයි මාසය තුළ සිය කොමිසම වෙත ලැබිය යුතු බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.