කොටහේන දැරියක් මියයාමේ සිද්ධියට එරෙහිව කොල්ලුපිටියේ විරෝධතාවයක්

විරෝධතාවයක් හේතුවෙන් කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

කොටහේන ප්‍රදේශයේ ගොඩනැඟිල්ලකින් පැන දරුවෙකු මියයෑමේ සිදුවීම මුල්කර ගනිමින් මේ වනවිට අදාළ සිසුවි​ය ඉගෙනගත් විදුහල ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මියගිය දරුවා අදාළ පාසලේ ගුරුවරයෙකු විසින් අපයෝජනය කර ඇති බවයි උද්ඝෝෂකයින් චෝදනා කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මියගිය දැරියගේ මව සඳහන් කර තිබුණේ ඇයට මුහුණදීමට සිදුවූ සිදුවීම් හේතුවෙන් දැරිය සියදිවි හානිකරගෙන ඇති බවයි.