ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්, එම විශ්ව විද්‍යාලයේම සිසුන් 07 දෙනෙකු ඇප මත මුදාහැර තිබෙනවා.
එම සිසුන් අද (07) හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, එක් අයෙකුට රුපියල් ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදා හැර ඇති බවයි සඳහන් වන්නේ.
හෝමාගම මූලස්ථාන පොලීසිය වෙත ලැබුණු පැමිණිල්ලක් අනුව, සිදුකරන ලද විමර්ශනයේදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බව සඳහන්.