ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ සමඟ සභා පිහිටුවන්න කටයුතු කරන්නේ නැහැ – ටිල්වින්

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පක්ෂ හා කණ්ඩායම් සමඟ එක්ව සභා පිහිටුවීමට කටයුතු නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ඒ අනුව, අවශ්‍ය අවස්ථාවලදී ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වූ පුද්ගලයන්ට ජාතික ජන බලවේගයට උදව් කිරීමේ හැකියාව පවතින බවයි අද (07) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

පරාජය වූ කණ්ඩායම් එක්ව සභා පිහිටුවීම සාර්ථක වේවි ද, නොවේ ද යන්න ප්‍රකාශ කළ නොහැකි බවයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.