-මෙරටට ගෙනා ගුවන් මගියාට ලක්ෂයක දඩයක්
රුපියල් හතළිස් හතර ලක්ෂ හතළිස් පන් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යෑමට උත්සාහ කළ ශ්රී ලාංකේය ගුවන් මගියකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඊයේ (05) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු ඩුබායිහි රියැදුරකු ලෙස රැකියාවක නිරත වී සිටි කුරුණෑගල පදිංචි 29 හැවිරිදි තරුණයෙකි. ඔහු රේගු නිලධාරීන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට මේ දුම්වැටි තොගය ඩුබායිවලින් මිලදී ගෙන බහරේනය වෙත පැමිණ එතැන් සිට ගල්ෆ් එයාර් ගුවන් සේවයේ ජී. එෆ්. – 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි. දුම්වැටි 25,400ක් අඩංගු දුම්වැටි කාටූන් 127ක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මේ පිළිබඳ විධිමත් රේගු විමර්ශනයක් පවත්වා ඇති අතර, මේ දුම්වැටි තොගය රාජසන්තක කර මේවා නීති විරෝධීව මෙරටට රැගෙන ආ ගුවන් මගියාට රුපියල් ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ.