සබරගමුව සරසවියේ නවක වදය සිදුවීමට අදාළව තවත් සිසුන් දෙදෙනෙකු අද (06) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය නිවේදනය කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සරසවියේම තාක්ෂණ පීඨයේ තෙවන වසර සිසුන් දෙදෙනෙකි.
මෙම සිසුන් දෙදෙනා ද ඇතුළුව මේ වන විට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සබරගමු විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවක වදය ලබා දීඹ සම්බන්ධයෙන් අප්‍රේල් මස 29 වන දින සමනලවැව පොලිස් ස්ථානයට ලැබුණු පැමිණිල්ලකට අනුව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මඟින් සිදු කරයි.