සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසර සිසුන් හට නවක වදය ලබාදීම සම්බන්ධයෙන් වූ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති බව පොලීසිය පවසනවා.
මේ සම්බන්ධව පසුගිය 29 වැනිදා සමනල වැව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ අනුව පසුගිය 2 වැනිදා සමනල වැව පොලිස් ස්ථානය විසින් නවක වදයට ලක්වූ එම විශ්වවිද්‍යාලයේ සිසුන් 20 කගෙන් ප්‍රකාශ ලබාගැනීමටද කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
ඒ අනුව අද (03) දින වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග පරිදි ඉහත පැමිණිල්ලට අදාළ ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දුන් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.
