මීටියාගොඩ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මරුට

මීටියාගොඩ පොලිස් වසමේ මානම්පිට එරෙනවිල ප්‍රදේශයේ අවන්හලක් තුළ ඊයේ (03) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඒ අනුව වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතළ තුවාල ලබා බලපිටිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මීටියාගොඩ පොලීසිය සඳහන් කළේ.