මැයි දිනය වෙනුවෙන් දිවයිනේ මත්පැන් හල් වසාතැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව කම්කරු දිනය වෙනුවෙන් අද (01) දිනයේ මැයි රැළි පැවැත්වෙන ප්රදේශවලට අයත් ප්රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ ක්රියාත්මකවන ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන අධිකාරියේ අනුෂිත හෝටල් බලපත්ර (රැ.බී. 07/ 08, බුටික් විලා බලපත්ර ස්ථානවල නේවාසික ආගන්තුක සංචාරකයන් සඳහා පමණක් ) හැර සෙසු සියලුම සිල්ලරට මත්පැන් අලෙවිකිරීමේ බලපත්ර ස්ථාන වසා තැබිය යුතු බවයි සඳහන් වෙන්නේ.
එම සියලුම සිල්ලර මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන ඊයේ (30) වසනු ලැබූ වේලාවේ සිට මැයි 2වනදා විවෘත කිරීමට නියමිත වේලාව දක්වා වසා තැබිය යුතු බවයි සුරාබදු දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.