ඇල්පිටිය පොලිස් වසමේ ඇල්පිටිය අම්බලන්ගොඩ මාර්ගයේ කුරුඳුගහ නගරයේදී අද (15) අලුයම සිදුවූ රිය අනතුරකින් 6 හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා.
අම්බලන්ගොඩ දෙස සිට ඇල්පිටිය දෙසට ධාවනය වු ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
අදාළ අනතුරින් රීරෝද රථයේ රියදුරු, පිටුපස අසුනේ ගමන් කළ පිරිමි පුද්ගලයෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවන් තිදෙනෙකු ඇල්පිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටි එක් දැරියක් මියගොස් තිබෙනවා.