ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් කොළඹ සහ ප්‍රදේශ කිහිපයක විශේෂ රථවාහන සැලැස්මක් සහ විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා
ඒ අනුව අද (04) පස්වරු 6ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ කොළඹ කටුනායක අධිවේගී මාර්ගය සහ බේස්ලයින් මාර්ගය ද වරින් වර වසා දැමීමටයි සැලසුම් කර ඇත්තේ
එමෙන්ම හෙට (05) දිනයේ කොළඹ ගාලුමුවදොර ප්‍රදේශය, නිදහස් චතුරශ්‍රය ආශ්රිත ප්‍රදේශය , බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ මාර්ග වරින්වර වසා දැමීමට නියමිතයි
මෙම කාලසීමව තුළදී රථවාහන තදබදය හා රියදුරන්ට සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා රියදුරන් විකල්ප මාර්ග වෙත යොමුවෙන ලෙසත් ඒ් සදහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර මෙම කාලසීමාව තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණෙන පුද්ගලයන්ට මෙම මාර්ග වසාතැබීම ගැන අවධානය යොමු කරමින් තමන්ගේ ගමනාගමන කටයුතු සැලසුම් කරගන්නා ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මහජනතාවගේ ඉල්ලා සිටින්නේ







