ත්‍රිකුණාමල-මඩකලපු දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති අරුන් හේමචන්ද්‍ර

විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිවේදී අරුන් හේමචන්ද්‍ර මහතා ත්‍රිකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස පත් කරගනු ලැබ තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අදාළ පත්කිරීම සිදුකර ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය මඟින් අදාළ පත්කිරීමේ ලිපි ත්‍රිකුණාමලය හා මඩකලපුව දිසාපතිවරුන්ට දන්වා යවා ඇත.

නිමාවට පත් වූ මහමැතිවරණයේදී ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයෙන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තු යෑමට වරම් ලැබූ අරුන් හේමචන්ද්‍ර මහතා පිලිපීනයේ ඇග්ලස් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා උපාධිධාරියෙකි.