සැලසිනේ මුල් පුටුවට සමන් රෝහිත

සැලසිනේ ආයතනයේ නව සභාපතිවරයා ලෙස දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සමන් රෝහිත සිල්වා මහතා පත් කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මෙම පත්වීම සිදු කර තිබේ. ‘ඇඩවර්ටයිසින් රෝහිත’ ලෙස දැන්වීම් ක්ෂේත්‍රයේ පිළිගැනීමට පත් සමන් රෝහිත සිල්වා මහතා වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් හසළ අත්දැකීම් ඇති ප්‍රවීණයෙකි. දේශපාලන පක්ෂ රැසක ජයග්‍රාහි ප්‍රචාරණ කටයුතු රැසක්ම ඔහු විසින් සැලසුම් කළ ඒවා වීම විශේෂත්වයකි.