කොළඹ, ලෝටස් පාර ප්රදේශයේදී තම උද්ඝෝෂණයට පොලීසියෙන් ජල සහ කඳුළු ගෑස් ප්රහාර එල්ල කිරීමට විරෝධය දක්වමින් හෙට (27) ගුරු-විදුහල්පති සංගම් වර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසනවා.
අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්රියාමාර්ගයට සමගාමීව, ගුරු – විදුහල්පති ඒකාබද්ධ කමිටුව අද (26) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමට කටයුතු කර තිබුණා.
ඔවුන් විරෝධතා පා ගමනින් යාමට උත්සාහ කිරීමත් සමග පොලීසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළා.








