ආසියානු අවුරුදු 20න් පහළ සහාය දීවිමේ අවසන් වටයට ශ්‍රි ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි

වයස අවුරුදු 20 න් පහළ ආසියානු මළළ ක්‍රීඩා ශුරතා තරඟාවලියේ 100 *4 සහය දීවිමේ තරඟාවලියේ අද පැවැත් වූ පූර්ව තරඟ වටයේ දී දෙවන ස්ථානය ලබා ගනිමින් ශ්‍රි ලංකා සහය දීවීමේ කණ්ඩායම අවසන් වටය සඳහා සුදුසුකම් ලැබීය.

ශ්‍රි ලංකාව වෙනුවෙන් කේ.තමෙල් ,ඉඳුවර වීරරත්න ,ආර්.අයි විදුශාන් සහ මෙරෝන් විජේසිංහ තරඟය සඳහා සහභාගි විය.

මෙහිදී ඔවුන්ට තරඟය අවසන් කිරීමට තත්පර 40.32 ක් ගත කරමින් ජාතික වාර්තාවක් ද තැබීය

මෙම තරඟාවලිය ඩුබායි හිදී පැවැත්වෙයි.