වෛද්‍ය ධම්මික ආසියාවේ ලොකු පුටුවක

ශ්‍රී ලංකා ක්‍රීඩා වෛද්‍ය ක්ෂේත්‍රයේ හසල අවබෝධයක් ඇති වෛද්‍ය ධම්මික සේනානායක මේ දිනවල ඩුබායිහිදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා වෛද්‍ය මණ්ඩලයේ ජාත්‍යන්තර නියෝජිතයා ලෙස පත්කර ඇත. ශ්‍රී ලංකා වෛද්‍යවරයකු ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියකදී නායකත්වයට පත්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් වේ.

වෛද්‍ය ධම්මික සේනානායක වසර ගණනාවක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ වෛද්‍යවරයා ලෙස කටයුතු කළ අතර, දැනට ආසියානු මලල ක්‍රීඩා වෛද්‍ය කමිටුවේ විධායක නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටී.

ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ ඇති ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වසර 20කට ආසන්න කාලයක් සේවය කරමින් සිටින වෛද්‍ය ධම්මික සේනානායක ක්‍රීඩා වෛද්‍ය ක්ෂේත්‍රයේ දැනට සිටින ප්‍රවීණයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *