මධ්‍යම පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්

මධ්‍යම පිලිපීනයේ Leyte ප්‍රදේශයේ රික්ටර් පරිමාණයේ 6.0ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව (03) පස්වරු 6.16ට පමණ සිදු වූ මෙම භූ කම්පනයෙන් පසු කම්පන කිහිපයක් ද හටගෙන ඇති බව පිලිපීනයේ ගිනිකඳු හා භූ කම්පන විද්‍යා ආයතනය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිලිපීනයේ වෙරළබඩ නගරයක් වන දුලාග් සිට කිලෝමීටර 32ක් පමණ ගිනිකොන දෙසින් කිලෝමීටර් 8ක් ගැඹුරින් මෙම භූ කම්පනය සිදුවී ඇති බවයි.

භූ කම්පන හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *