අධික වර්ෂා­වෙන් දකුණු බ්‍රසී­ලයේ වේල්ලක් පුපුරා යයි

පුද්ග­ල­යන් 30ක් මරුට තවත් 60ක් අතු­රු­දන්

දකුණු බ්‍රසී­ල­යට දින කිහි­ප­යක් පුරා අඛ­ණ්ඩව ඇද හැලෙන අධික වර්ෂාව හේතු­වෙන් වේල්ලක් පුපුරා යෑමෙන් ඇති වූ ගංව­තු­රට හසු වී පුද්ග­ල­යන් 30කට අධික පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බල­ධා­රීන් ප්‍රකාශ කර ඇත්තේ රියෝ ග්‍රැන්ඩේ ඩො සුල් ප්‍රාන්තයේ තවත් පුද්ග­ල­යන් 60 දෙනකු පමණ අතු­රු­දන්වී ඇති බවය.

පව­තින තත්ත්වය මත එම පළාතේ නිවැ­සි­යන් 15,000ක් අධික පිරි­සක් නිවා­ස­ව­ලින් ඉවත් වී ඇති අතර, තවත් නිවැ­සි­යන් ලක්ෂ 5කට අධික පිරි­ස­කට විදු­ලිය විසන්ධි වී ඇතැයි ද, පානීය ජල හිඟ­ය­කට මුහුණ පා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. අතු­රු­දන් වූ පුද්ග­ල­යන් සෙවී­මට හෙලි­කො­ප්ටර් යානා යොදා ගෙන ඇති අතර, හමු­දාව සහ ආපදා කළ­ම­නා­ක­රණ කණ්ඩා­යම් එක්ව ගංව­තු­රට යටවූ නිවා­ස­වල සිටි පුද්ග­ල­යන් ආර­ක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇතැයි ද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *