එමි­රේට්ස් දේශය යළි වැස්සට යට වෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යට මේ වන විට යළි දැඩි වර්ෂා­ප­ත­න­යක් ඇද හැලෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අකුණු සැර සමඟ අධික වර්ෂා­වක් පතිත වීම හේතු­වෙන් ඩුබායි ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළේ ගුවන් ගමන් වාර රැසක් අව­ලංගු කර ඇතැයි ද, ගුවන් ගමන් වාර සීමා කර ඇතැයි ද වාර්තා වේ. ගංව­තුර අව­දා­නම් තත්ත්වය මත ජන­තා­වට නිවා­ස­ව­ලින් පිට­තට නොපැ­මි­ණෙන ලෙස උප­දෙස් ලබා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පෙරේදා ඇද හැලුණු ධාරා­නි­පාත වර්ෂාව හේතු­වෙන් එරට රාජ්‍ය හා පෞද්ග­ලික දෙඅං­ශ­ය­ටම නිවෙසේ සිට අන්ත­ර්ජා­ලය ඔස්සේ සිය රැකියා කට­යුතු සිදු කිරී­මට ද උප­දෙස් ලබා දී ඇති අතර, සිය­ලුම පාස­ල්ව­ලට නිවාඩු ලබා දීමට ද පිය­වර ගෙන තිබූ බව විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. මීට අම­ත­රව උද්‍යාන හා වෙරළ තීර­යන් වැනි පොදු විනෝ­දා­ත්මක ස්ථාන තාව­කා­ලි­කව වසා දැමී­මට ද එමි­රේට්ස් රජය පිය­වර ගෙන ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *