මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමකරුවෙකු T56 මැගසින් 16 සමග දෙහිවලින් කොටුවෙයි
දෙහිවල පොලිසියට ලැබුණු තොරතුරක් මත (10) රාත්‍රී සිදුකරන ලද වැටලීමකදී දෙහිවල ගල්වල පාරේ නිවසක සැගවීසිටි මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන අත්තේ දෙහිවල ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 26 වන දිල්හාර නම් පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කරයි
අත්අඩංගුවට ගන්නා විට සැකකරු සන්තකයේ තිබී T56 වර්ගයේ ගිණිඅවි සදහා යොදන හිස් මැගසින් 16 ක්, කේරල ගංජා කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 416 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 40 ක් සොයා ගත් බව දෙහිවල පොලිසිය පැවසූහ.
පොලිස් නිලධාරීන් විසින් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේවී සැකකරු රැදී සිටි නිවස පිටුපස කොටසේ කලු පැහැති බෑගයක දමා සගවා තිබූ මත්ද්‍රව්‍ය තොගය සහ මැගසින් හමුවී ඇත.







