රටේ ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් ලෝකයත් සමඟම ගනුදෙනු කිරීමට සූදානම් – නලින්ද

රටේ ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් ලෝකයත් සමඟම ගනුදෙනු කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

තම පක්ෂයේ ගමන් මග වන්නේ ලෝකයේ කිසිදු රටක් තරහා කර ගැනීම නොවන බවත්, තමන් එක් කඳවුරකට ගාල් නොවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඉන්දියාව සමඟ පමණක් නොව ඇමෙරිකාව, යුරෝපය, ජපානය, රුසියාව වැනි සියලුම රටවල් සමඟ සම්බන්ධතා ගොඩනගා ගනිමින් රට වෙනුවෙන් වාසි අත්පත් කර ගැනීමට තම පක්ෂය සූදානම් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *