Online පනතට අදාල සංශෝධන කැබිනට්ටුවට ඉදිරිපත් කරනවා – ටිරාන් අලස්

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සඳහා වූ සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ටිරාන් අලස් අමාත්‍යවරයා පවසනවා.

ඒ අනුව අද (12) දිනයේදී හෝ මීළඟට පැවැත්වෙන කැබිනට් හමුවේදී එම සංශෝධන ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

පසුගිය දිනවල මෙම පනත සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු බොහෝ පාර්ශ්වවලින් දැඩි විවේචන එල්ල වී තිබුණු අතර, එම විරෝධතා සැලකිල්ලට ගනිමින් පනත සංශෝධනය කිරීමට අදහස් කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.