පාකිස්ථාන මහ මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පක්ෂය ඉදිරියෙන්

හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ Tehreek-e-Insaf (PTI) පක්ෂය සහ එහි අනුබද්ධ පක්ෂ පාකිස්ථානයේ මැතිවරණයෙන් වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එරට කොමිෂන් සභාව විසින් උණුසුම් තරඟකාරී ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ Tehreek-e-Insaf (PTI) පක්ෂය ආසන 97 ක් ජයග්‍රහණය කර ඇති අතර හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ නායකත්වයෙන් යුත් පකිස්ථාන මුස්ලිම් ලීගය (PMLN) ආසන 76 ක් දිනාගෙන ඇති අතර පකිස්තාන මහජන පක්ෂය (PPP) විසින් දිනාගත් ආසන 54 ක් බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් කිසිදු පක්ෂයකට බහුතර බලයක් ලැබී නොමැති අතර, සරල බහුතරයක් ලබා ගැනීම සඳහා ආසන 134 ක් අවශ්‍ය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *