ජනපතිවරණ අපේක්ෂකත්වය ගැන රනිල් සමග තවම එකඟතාවයකට ඇවිත් නෑ – සාගර කාරියවසම්

ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග මෙතෙක් කිසිදු එකඟතාවක් ඇති කරගෙන නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඒ පිළිබඳව සිය පක්ෂය සමග වෙනම සාකච්ඡා කරන ලෙසට ඉල්ලා සිටිය ද ජනාධිපතිවරයා විසින් මෙතෙක් ඒ සඳහා දිනයක් ලබා දී නොමැති බවයි එහි මහලේකම් සාගර කාරියවසම් සඳහන් කරන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහය දක්වන්නේ කුමන අපේක්ෂකයාටද යන්න සම්බන්ධයෙන් තම පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නැති බවත්, තම කොන්දේසිවලට එකඟ වන තැනැත්තෙකුට ජනාධිපතිවරණයේදී සහය ලබාදීමට අවධානය යොමුවී ඇති බවත් සාගර කාරියවසම් වැඩිදුරටත් පවසා සිටිනවා.