අවලෝකිතේශ්වර නමින් හැඳින්වූ පුද්ගලයාට ඇප

අවලෝකිතේශ්වර බෝධිසත්ව ලෙස තමාව හඳුන්වාගත් මහින්ද කොඩිතුවක්කු නමැත්තාව ඇපමත මුදා හැරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියනයක ශරීර ඇප දෙකක් මත ඔහුව නිදහස් කර ඇති බවයි වාර්තා වෙන්නේ.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට අපහාස සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.