ආර්ථික අර්බුදයට ඇත්තේ ආර්ථික විසඳුම් හා විද්‍යාත්මක විසඳුම් පමණයි – ජනපති

ජනාධිපතිවරයා මේ වන විට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිදුකරමින් පවතින අතර එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* බස්නාහිර පළාතෙන් පිටතට අපි ආර්ථිකය පුළුල් කිරීමට කටයුතු කරනවා.

* පළාත් 9 ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කරන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා ගැන ඇති බලතල කිහිපයක් පළාත් සභාවලට ලබාදීමට කටයුතු කරනවා.

* වරාය 3 ක් අලුතින් සංවර්ධනය කිරිමට කටයුතු කරනවා.

* ආර්ථික අර්බුදයට ඇත්තේ ආර්ථික විසඳුම් හා විද්‍යාත්මක විසඳුම් පමණයි.

* ආර්ථික පරිවර්තන පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරනවා.

* මෙම පරිවර්තනය කෙටි කාලයකින් කළ හැකි දෙයක් නෙවේ. කිසිදු අර්බුදයකට කෙටි කාලීන විසඳුම් නැහැ.

* බුදුන්වහන්සේට බුද්ධත්වයට පත්වූ ආත්මයේදීත් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වුණා. ඒ බව මෙනෙහි කරමින් සීරුවෙන් ඉවසීමෙන් හා සැලසුම් සහගතව අප ඉදිරියට යා යුතුයි.

* තමන්ට ලැබෙන පදවි තානාන්තර ගැන සිහින මවන සමහරු තනතුරු වෙනුවෙන් අසත්‍ය ප්‍රකාශ කරනවා. යථාර්තයට පිටුපා සිහින මාවතේ ගමන් කළොත් රට වැටෙන්නේ අනතුරකට.