සිවිල් වැරදිකරුවන් නිවාස අඩස්සියට?

සිවිල් වැරදි සම්බන්ධ වැරදිකරුවන් වන සියලු දෙනා නිවාස අඩස්සියේ තැබීමේ වැඩපිළිවෙළක් මෙම වසරේ දී ක්‍රියාත්මක කරන බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පවසනවා.

වර්තමානයේ බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීමේ අරමුණින් එම පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මීට අදාළ නීති සකස් කිරීම සඳහා පත් කළ කමිටු වාර්තාව ලබා දීමෙන් පසු මේ වනවිට නීති කෙටුම්පත් අංශය මගින් අදාළ නීති සකස් කරමින් පවතින බව සඳහන්.

එම කටයුතු නිම වීමෙන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත් කිරීම මෙම වසරේදීම සිදු කරන බවයි රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පැවසුවේ.