හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද අධිකරණයට

අත්අඩංගුවට පත්වූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අමාත්‍යවරයා ඊයේ උදෑසන 9 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

එහිදී, පැය 10කට ආසන්න දීර්ඝ ප්‍රශ්න කිරීමකින් පසු, ඔහු අත්අඩංගුවට ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.